ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග කෙටුම්පතක් ඉදිරිපත් කරයි

ජන 12, 2021

    ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ කණ්ඩායම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනා කෙටුම්පත ඊයේ(11) නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.

    වාර්තා වලට අනුව මෙය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් දෝෂාභියෝග ක්‍රියාවලිය ආරම්භ කිරීමට ගනු ලැබූ පළමු පියවරයි.

    වර්තමානයේ මෙම දෝෂාභියෝග කෙටුම්පතට සරල බහුතර ඡන්දයක් ලබා ගෙන තිබේ.

    නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඇතැම් රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෝ ද, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග කෙටුම්පතට සහය දැක්වීම පිළිබඳව, සලකා බලමින් සිටී.

    Latest News