ඉන්දියාවේ ප්‍රාන්ත නවයක කුරුළු උණ ව්‍යාප්ත වේ

ජන 12, 2021

    ඉන්දියාවේ ප්‍රාන්ත නවයක් පුරා මේ වනවිට කුරුළු උණ රෝගය ව්‍යාප්තවී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

    දිල්ලි, මහාරාෂ්ට්‍ර, උත්තර ප්‍රදේශ්, කේරළ, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල් ප්‍රදේශ්, හර්යානා සහ ගුජරාට් යන ප්‍රාන්තවලයි කුරුළු උණ රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවී ඇත්තේ.

    කුරුළු උණ රෝගයේ ව්‍යාප්තියත් සමඟම කුරුළු ගොවිපොළ හිමිකරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    වැඩිම කුරුළු මරණ සංඛ්‍යාවක් හර්යානා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව ලක්ෂ හතරකට අධිකයි. 

    Latest News