ඉතාලිය කාන්තාවකට 2019 වසරේ දී නව කොරොනා වෛරසය ආසාදනය වී තිබූ බවට වාර්තාවක්

ජන 14, 2021

    වසර 2019 නොවැම්බර් මාසයේ දී ඉතාලියේ කාන්තාවකට නව කොරොනා වෛරසය ආසාදනයවී තිබූ බව ඉතාලියේ repubblica පුවත්ප‍තේ වෙබ් අඩවිය වාර්තා කරයි.

    ඉතාලියේ මිලාන් විශ්ව විද්‍යාල‍යේ ජගත් පර්යේෂණ කණ්ඩායමක්, 2019 වසරේ නොවැම්බර් මස 10 වනදා 25 හැවිරිදි එම රෝගියාගේ සමෙන් ලබාගත් සාම්පලයකින් නව කොරොනා වෛරසයේ ජාන අනුක්‍රමය සොයා ගත් බව වාර්තා වේ.

    අනතුරුව 2020 වසරේ ජුනි මාසයේ දී මෙම රෝගියාගේ රුධිර සාම්පලයක් තුළින් නව කොරොනා වෛරසයේ ප්‍රතිශක්තිය සොයා ගැනිණ.

    කෙසේ වුවද මෙම රෝගියාගේ ආසාදනය, මානවයාට නව කොරොනා වෛරසය ආසාදනය වීම තහවුරු වූ පළමු අවස්ථාව බවට, මිලාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ මේ වන විට අදහස් කරති.

     

    මෝතිලාල් හිස්සැල්ල - චීනයේ බෙයිජිං නගරයේ සිට.........

    Latest News