බ්‍රිතාන්‍යයෙන් නව වෛරසය ආසාදිතයින් 45,533ක්

ජන 13, 2021

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ දැඩි බලපෑම් එල්ල වූ බ්‍රිතාන්‍යයේ ඉකුත් පැය 24 තුල අලුතින් ආසාදිතයින් 45,533 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එම කාලසීමාව තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,243ක්.

    බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ මෙම නව ප්‍රභේදය මේ වන විට අවම වශයෙන් රටවල් 50ක පමණ පැතිර ඇති බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    මෙම ප්‍ර‍භේදය පැවති වෛරස ප්‍රභේදයන්ට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු බවක් පෙනෙන්නට තිබුණද, එහි මාරාන්තික හෝ දරුණු රෝග ඇති කරන තත්වයන් පවතින බවට කිසිඳු සාක්ෂියක් මෙතෙක් නොමැති බවයි, විශේෂඥයන් පවසන්නේ.

    කෙසේ වුවද නව වෛරස ප්‍රභේදය පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරනය කරයි.

    මේ අතර 2019 වසරේ නොවැම්බර් මාසයේ දී ඉතාලි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී සිට ඇති බව එරට ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් අනාවරණය කර ගෙන තිබේ. ඒ අනූව, කොරෝනා වෛරසය ලොව පහළ වූ බවට විශ්වාසය කළ කාලයටත් වඩා වෛරසය පැරණි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

    Last modified on බදාදා, 13 ජනවාරි 2021 10:49

    Latest News