සෞදි අරාබි රාජධානියේ ෂූරා කවුන්සිලයේ කථානායක ආචාර්ය අබ්දුල්ලා මොහොමඩ් ඊබ්‍රාහිම් අල්-ෂෙයික් මහතා විසින් 2024 නොවැම්බර් මස 03 වන දින රියාද් හි ෂුරා කවුන්සිල සංකීර්ණයේදී සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතාව පිළිගනු ලැබීය.
රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතායතන 25ක ප්‍රථම සහභාගිත්වය සහිතව සෞදි මානව සම්පත් සහ මිනිස්බල ප්‍රදර්ශන 2024 ඔක්තෝම්බර් 27-30 දක්වා රියාද් හි පැවැත්විය.
සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය - 2024 සදහා ප්‍රථම වරට ශ්‍රී ලංකා පොල් ආශ්රිත නිෂ්පාදන සමාගම් සහභාගි වෙයි.
රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත නිෂ්පාදන සමාගම් 10ක් සහභාගි කරවීම සාර්ථකව සංවිධානය කරන ලදී. සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් මෙහි ශ්‍රී ලංකා මණ්ඩපය නිල වශයෙන් විවෘත කරන ලදී.
සෞදි අරාබි රාජධානියේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නසාර් බින් අබ්දුල්අසීස් අල්-දාවුද්, සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතාව 2024 ඔක්තෝම්බර් 08 වන දින රියාද් හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලස්ථානයේදී පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහකරුවෙකු වන සෞදි සංවර්ධන අරමුදල වෙත එහි 50 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා සුභ පැතුම් එක් කරයි.
2024 අගෝස්තු 25 වන දින රියාද් හි සෞදි අරාබියේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් සෞදි අරාබි රාජධානියේ අධ්‍යාපන අමාත්‍ය යූසෙෆ් බින් අබ්දුල්ලා අල්-බෙන්යන් විසින් පිළිගනු ලැබීය.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඔමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතා 2024.08.14 දින රියාද් හි පිහිටි විදේශ අමාත්‍යාංශ මූලස්ථානයේදී සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අඩෙල් අල්-ජුබෙයිර් මහතා හමුවිය.