සෞදි හමුදාවට සහය නොදීමේ තීරණයක්

නොවැ 29, 2018

    යේමනයේ, සෞදි අරාබි හමුදාවට ලබාදෙන සහය ඉවත්කර ගත යුතු බවට වූ යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ දී සම්මත වී තිබෙනවා.

    ඊයේ පැවති ඡන්ද විමසුමේදී එය සම්මත වී ඇත්තේ 63-37ක් වශයෙන්. සෞදි කොන්සල් කාර්යාලයේ දී ජමල් කෂෝගී ඝාතනයට ලක්වීම පදනම් කරගනිමින් එම සහය ඉවත්කර ගත යුතු බවයි, බහුතර සෙනෙට් සභිකයින් කියා සිටියේ.

    එසේ වුවහොත්, හව්ති කැරළිකරුවන් සාමය සඳහා යොමුකර ගැනීමට බාධා එල්ල වන බව, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් සෙනෙට් සභිකයින් පවසා ඇත්තේ, සෞදි ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය අනුමත කළ නොහැකි බවයි.

    ඝාතනය සඳහා ඔටුන්න හිමි සල්මන් කුමරු නියෝග කර ඇති බවට සී.අයි.ඒ. වාර්තාවක ද දැක්වෙනවා. යේමනයේ හව්ති කැරළිකරුවන්ට එරෙහිව සෞදි හමුදා සිදු කරන මෙහෙයුම් සඳහා අවි ආයුධ මෙන්ම, විශේෂඥ උපදෙස් සැපයීම සිදු කරන්නේ, අමෙරිකානු හමුදාවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News