ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට

නොවැ 01, 2019

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල යෝජනාවක් සම්මත කර ගනී.

    ඒ සඳහා ඊයේ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 232ක් හිමිවු අතර, විපක්ෂ ඡන්ද 196ක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    දෝෂාභියෝග ක්‍රියාවලිය සඳහා පළමු පියවර වශයෙන් අමෙරිකානු මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සිදුකළ යුතුයි.

    කෙසේවෙතත් අදාළ යෝජනාව සම්මත කර ගැනීම ධවල මන්දිරය හෙළාදැක ඇති බවයි, වාර්තා වන්නේ.

    ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදී අපේක්ෂකයා සම්බන්ධයෙන් යුක්‍රේනයේ සහය ලබා ගැනීමට කටයුතු කිරීම අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ මුලික හේතුව බවයි වාර්තා වන්නේ.

    Latest News