ඉරාන විදේශ අමාත්‍යවරයාට ඇමරිකාවෙන් සම්බාධක

අගෝ 02, 2019

    ඉරාන විදේශ අමාත්‍ය Mohammad Javad Zarif ට එ‍රෙහිව සම්බාධක පනවන බව අමෙරිකානු රජය ප්‍රකාශය කරයි.

    ඔහු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් - කුමේනීගේ මූලික ප්‍රකාශකයා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

    Mohammad Javad Zarif මෙන්ම ඉරාන විදේශ අමාත්‍යංශය Ayatollah Ali Khamenei ගේ සාහසික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ උපකරණය බව අමෙරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo නිවේදනයක් නිකුත් කරමින් කියා සි‍ටියේය.

    අමෙරිකාව ඉරානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රිකව එල්ල කරන දැඩි පීඩනය දිගින් දිගටම ක්‍රියාත්මක කරනු ඇති බව ද Mike Pompeo එහිදී පැවසීය.

    අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රකාශයට අනුව සම්බාධක වලට ලක්වන පුද්ගලයන්ගේ අමෙරිකාව තුළ ඇති වත්කම් අවහිර කරන අතර, අමෙරිකානු පුරවැසියන්ට එම පුද්ගලයන් සමඟ වෙළඳාම් කිරීමට අවසර නොදෙයි.

    සම්බාධක ඉලක්කයන් සමඟ ගනුදෙනු කරන විදේශ මූල්‍ය ආයතන ද සම්බාධක වලට මුහුණ දෙනු ඇත.

    ඒ පිළිබඳව Mohammad Javad Zarif මහතා සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබේ.

    තමාට ඉරානයෙන් බාහිර වත්කම් නොමැති අතර අමෙරිකාවේ සම්බාධක වලින් තමාට හෝ තම පවුලට කිසිදු බලපෑමක් නොමැති ද බව හෙතෙම සඳහන් කර ඇත.

    Latest News