ඇල්ටමීරා බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් 50ක් මරුට

ජූලි 30, 2019

    බ්‍රසීලයේ පාරා පළාතේ ඇල්ටමීරා බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පනස් දෙදෙනෙකු මියගොස් තිබේ.

    බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. බන්ධනාගාරයේ එක් කොටසකට ගිනිතබා තිබේ. මියගිය අයගෙන් 16 දෙනෙකුගේ හිසගසා දමා තිබූ බවයි, බලධාරීන් පවසන්නේ. පැය 5ක පමණ කාලයක් දෙපිරිස අතර ගැටුම පැවති බව වාර්තා වෙයි.

    බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබූ අතර පසුව නිදහස් කළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. රැඳවියන් 200කට ඉඩ පහසුකම් ඇති බන්ධනාගාරයේ 300කට වඩා වැඩි පිරිසක් රඳවා තිබේ.

     

     

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 10:15

    Latest News