විලියම්ට අගමැතිනියගෙන් අමුතු පිළිගැනිමක්

අප්‍රේ 27, 2019

    නවසීලන්තයේ දින දෙකක සංචාරයක් ආරම්භ කළ කේම්බ්‍රිජ් ආදිපාදවරයා මෞරි සම්ප්‍රදායෙන් එරට අගමැතිනිය විසින් පිළිගනු ලැබුවාය.

    ඒ අනුව විලියම් කුමරු සිය සංචාරය ආරම්භ කරනු ලැබුවේ අගමැතිනි ජසින්ඩා එකිනෙකාගේ නාසය (හොන්ගි) තද කරමිනි. ඕස්ට්‍රේලියානු සම නවසීලන්ත හමුදා වීරයින් සිහිපත් කිරීමෙන් අනතුරුව විලියම් කුමරු පසුගිය මාර්තු මාසයේ දී මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිසගේ පවුල්වල සාමාජිකයින් හමු විය. ඊට අමතරව හදිසි සේවා සේවකයින් හා මුස්ලිම් ප්‍රජාව මුණ ගැසීමට ද ආදිපාදවරයා බලාපොරොත්තු වන බව වාර්තා වේ. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ගන් එළි‍සබෙත් රැජිණ ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඇය වෙනුවෙන් විලියම් කුමරු මෙම සංචාරයට එක් වී ඇත.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 10:28

    Latest News