කැලිෆෝනියා පාස්කු දේව මෙහෙයට ප්‍රහාරයක්

අප්‍රේ 28, 2019

    අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ යුදෙව් පාස්කු දේව මෙහෙයකට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

    ප්‍රහාරයෙන් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇත. ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට වේලාවෙන් ඊයේ උදෑසන 11.30ට පමණ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එහි යුදෙව් පාස්කු දේව මෙහෙයක් පැවැත්වෙමින් තිබූ බව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රහාරය සම්බන්ධයෙන් 19 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රහාරය පිළිගැනීමේ චේතනාවෙන් සිදු කළ අපරාධයක් ලෙස පෙනෙන්නට ඇති බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී. ප්‍රහාරකයා ජෝන් අර්නස්ට් යනුවෙන් හඳුන්වාදී ඇති අතර, ඔහු මීට මාසයකට පමණ පෙර මුස්ලිම් පල්ලියකට සිදුවූ ගිනි තැබීමක් සම්බන්ධයෙන් ද සැකකරුවෙක් බව, සඳහන් වේ. මේ වනවිට ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් සිටින බව, අමෙරිකානු බලධාරීන් පවසයි.

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 11:22

    Latest News