දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක්

මාර් 17, 2024

    දකුණු අයිස්ලන්තයට ‍ගිනිකඳු පිපිරීම් හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    “ග්‍රින්ඩාවික්” ඇතුළු නගර රැසක ජනතාවට අවදානම් ප්‍රදේශවලින් කඩිනමින් ඉවත් වන ලෙසයි, දැනුම් දී ඇත්තේ.

    ඊයේ පස්වරුවේ සිට සක්‍රීය වී ඇති ගිනිකඳුවලින්, ලාවා ගැලීම ආරම්භ වී තිබෙනවා. නගරවලට ඉන් වියහැකි හානිය වැළැක්වීම සඳහා ආරක්‍ෂිත බැමි ඉදිකර ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.

    කෙසේ වුවද “ගින්ඩාවික්” නගරය තුළට මේ වනවිටත් ලාවා ගලමින් පවතිනවා. බලධාරීන් පවසන්නේ, එහි මාර්ගවල ඇති ෆයිබර් ඔප්ටික් කේබල්වලට හානි සිදුවුවහොත්, අන්තර්ජාල හා දුරකතන සබඳතාවලට හානි සිදුවිය හැකි බවයි.

    ස්වභාවික විපත් පිළිබඳ විශේෂඥවරුන් පෙන්වා දෙන්නේ ගලා යන ලාවා මුහුදු ජලය හා මිශ්‍ර වුවහොත් ඉන් භයානක වායූන් ඇතිවීම හා කුඩා පිපිරීම් ද සිදුවිය හැකි බවයි.

    ඉකුත් දෙසැම්බර් මස ද මෙවැනිම ගිනිකඳු සක්‍රීය වීමක් සිදු වූ අතර එහිදී මැග්මා නගරයේ නිවාස රැසකට අලාබහානි සිදුවුණා. අයිස්ලන්තයේ සක්‍රීය ගිනිකඳු පද්ධති 33 ක් පිහිටා ඇති බව  විද්‍යාඥයින් පවසනවා. ඒ අතර 2021 සිට මේ දක්වා ගිනිකඳු පිපිරීම් 7 කට වැඩි ගණනක් සිදුව තිබෙනවා.

    Latest News