හයිටි අගමැති ඉල්ලා අස්වෙයි

මාර් 12, 2024

    හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් අස්වීමට එකඟ වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

    එම හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබෙනවා.

    ඒ සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙන්.

    හෙන්රි මේ වනවිට පෝට රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් පවසනවා.

    එරට ජනාධිපතිවරයාව කුලී හේවායින් පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව 2021 ජූලි මස හෙන්රි එරට අගමැතිවරයා ලෙස කටයුතු කළා.

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2024 11:59

    Latest News