කර්*ච් පාලම විනාශ කිරීමේ යුක්‍රේන උත්සහයක් ව්‍යාර්*ථ කෙරේ  

සැප් 02, 2023

    ක්‍රිමියානු අර්ධද්වීපය සහ රුසියාව යාකෙරෙන "කර්ච්" පාලමට අද අලුයම ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්‍රේන හමුදාව උත්සාහ දැරූ බව, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

    එය සාර්ථකව මැඩපැවැත්වූ බවයි, එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. "කර්ච්" පාලමට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යුක්‍රේන හමුදාව විසින් මිනිසුන් රහිත යාත්‍රා තුනක් යොදා තිබූ බව, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා. එම යාත්‍රා තුන සිය හමුදාව විනාශ කළ බවයි, අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ අතර, රුසියානු ගුවන් ආරක්‍ෂක පද්ධතිය මගින් එරට දකුණු දිග "බෙල්ග්‍රෝඩ්" කලාපයට ඉහළින් පියාසර කළ යුක්‍රේනඩ්‍රෝන යානා සාර්ථකව බිම හෙලූ බව ද, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා. එමගින් කිසිඳු දේපල හෝ ජීවිත හානියක් සිදු නොවූ බවයි, එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    Latest News