නේපාලයට ගංවතුර අවදානමක්

අගෝ 09, 2023

    අධික වර්ෂාපතනය නිසා නේපාලයේ කත්මණ්ඩු අගනුවර ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ගංවතුර අවදානමක් පවතින බවයි, කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරන්නේ. 

    ගංගා සහ ඇලදොලවල් ආශ්‍රිතව මෙන්ම,  මහා මාර්ගවල ගමනා ගමනයේ දී දැඩි අවධානයකින් පසු වන ලෙසයි,  බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ.

    අඩු මෝසම් සුළං සහ අඩු පීඩන තත්වය යටතේ වර්ෂාපතනයේ බලපෑම වැඩි විය හැකි අතර, මදේස්, බග්මතී, ලුම්බිණී, ගන්දකී යන පළාත් සඳහා අනතුරු ඇගවීමේ නිවේදන ද නිකුත් කෙරුණා. පවතින අයහපත් කාලගුණික තත්වය, තවත් දින කිහිපයක් පැවතිය හැකි බවයි, නේපාලයේ කාලගුණ අංශ පවසන්නේ.

    Latest News