පණ මෙන් සුරකින "ඇමර්සන්'

අගෝ 09, 2023

    ලොව විශාලතම වැසි වනාන්තරය වන " ඇමර්සන්" ආරක්‍ෂා කර ගැනීමට දකුණු අමෙරිකානු රටවල් 8 ක් දැඩි එකඟතාවකට එළඹ තිබෙනවා.

    එම රටවල නියෝජිතයින් ඊයේ බ්‍රසීලයේ බෙලෙම් නගරයේ දී මේ පිළිබඳව සාකච්ඡා ආරම්භ කළා. ‍දෙදින සමුළුවක් සඳහා එම නියෝජිතයින් බ්‍රසීලයේ බෙලෙම් නගරයට ඊයේ රැස් වූ අතර, වසර 14 කට පසු එවැනි සමුළුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

    නියෝජිතයින් පොදු ඒකාබද්ධ ප්‍රකාශයකට ද අත්සත් තැබුවා. ‍එමගින් වන විනාශය නැවැත්වීමට එකඟතාව පළ කළ ද සෑම රටක්ම තමන්ට ආවේණික වූ සංරක්‍ෂණ ඉලක්ක කරා යාම සිදු කළ යුතු බව, සමුළුවේ දී අවධාරණය කෙරුණා.

    ඇමර්සන් වනාන්තරය සංරක්‍ෂණය යනු ලෝක දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමේ අභියෝගයේ ප්‍රධානතම කොටසක් ලෙස සැලකෙන්නේ.

    ලොව විශාලතම වැසි වනාන්තරය වන "ඇමර්සන්" සියයට 60 ක් පමණ පිහිටා ඇත්තේ, බ්‍රසීලයේ. බොලිවියාව, කොළොම්බියාව, ඉක්වදෝරය, ගයනාව, සුරිනාමය, පේරු, වෙනිසියුලාව යන නියෝජිත රටවල් සමුළුවට සහභාගී විය.

    බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා 2030 වන විට වන විනාශය අවම කර ගැනීම සඳහා පොදු ඉලක්කයක් නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

    ඔහු, සමුළුවේ ආරම්භ දේශනය ඉදිරිපත් කරමින් කියා සිටියේ, දේශගුණික අර්බුදය වඩාත් අයහපත් අතට ළංවෙමින් පවති බවත්. අප‍ මේ අවස්ථාවේ දී එකමුතුව එම අභියෝගය ජයගත යුතු බවත්ය.

    Latest News