චීනයෙන් මෙවර ටොන් මිලියන 50 ඉක්මවූ ධාන්‍ය සංචිතයක් 

නොවැ 21, 2022

    රටේ ප්‍රධාන ධාන්‍ය නිෂ්පාදන ප්‍රදේශවලින් මෙවර ධාන්‍ය ටොන් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් රැස් කරගැනීමට චීනය සමත් වෙයි. 

    චීන ජාතික ධාන්‍ය හා ද්‍රව්‍ය සංචිත පරිපාලනය මේ බව නිවේදනය කළේය. 

    ඒ  අනුව, සරත් සෘතුවේ ධාන්‍ය මිලදී ගැනීම මේ වනවිට සම්පූර්ණයෙන් නිමා වී ඇත.  විවිධ ප්‍රදේශවල මධ්‍යම ඍතු සහ ප්‍රමාද වූ වගා වාරයන් හි සහල්, ඉරිඟු සහ සෝයා බෝංචි වැනි සරත් සෘතු ධාන්‍ය ප්‍රභේදවල වෙළඳපොළ පරිමාව ද ක්‍රමයෙන් වැඩි වී තිබේ. 

    ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශවල විවිධ ධාන්‍ය ව්‍යාපාරිකයන් දැනට සරත් සෘතු ධාන්‍ය අස්වනු ටොන් මිලියන 50 ක් මිලදී ගෙන ඇති අතර, එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ටොන් මිලියන 7 කට ආසන්න වර්ධනයකි. 

    Latest News