කොළරාඩෝ ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 5ක් මරුට

නොවැ 21, 2022

    අමෙරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ, සමාජ ශාලාවක. සිද්ධියෙන් තවත් 25 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොළරාඩෝ නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, ආරක්ෂක අංශ, තුවක්කුකරු මෙල්ල කිරීමට සමත් වූ බවයි. වෙඩි තැබීම සිදු වුයේ, ක්ලබ් කියු නමැති රාත්‍රී සමාජ ශාලාවක. වෙඩි තැබීම සිදු කර ඇත්තේ, 22 හැවිරිදි ඇන්ඩර්සන් ලී ඇල්ඩ්රිචේ නමැති පුද්ගලයෙක්. මේ වන විට ඔහු පොලිස් අත්අඩංගුවේ පසු වනවා. පසුගිය කාලය පුරා අමෙරිකාවේ සමාජ ශාලා ඇතුළු ස්ථාන රැසක මෙවන් සමූහ වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා වනවා. එම තත්වය පාලනය කිරීම සඳහා එරට‍ නෛතික ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කළ යුතු බව, ජනතා අදහසයි.

    Latest News