චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ.

නොවැ 04, 2022

    පස්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ ඊට සමගාමී ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව ඇරඹේ.

    සමාරම්භක උළෙල ශැංහයි නගරයේ දී  අද (4) පෙරවරුවේ පැවැත්විණ.   අන්තර්ජාතික ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් මනා පූර්ව සූදානමකින් යුතුව  ප්‍රදර්ශනයට සක්‍රියව සහභාගි වී සිටිති.  සේවා වෙළඳ ක්ෂේත්‍රයේ  උපදේශන සේවා, භාණ්ඩ ප්‍රවාහන සේවා, ජාත්‍යන්තර ශීඝ්‍රගාමී ප්‍රවාහන සේවා සහ සැපයුම් යන අංශවල ප්‍රබල ව්‍යවසායයන් රැසක් මීට එක්ව සිටී.  ලොව බලවත්ම ව්‍යාපාර 500 ට අමතරව, සංවර්ධනය වෙමින් පවතින රටවල මධ්‍ය හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහාත් මෙවර ප්‍රදර්ශනයේ අවස්ථා සලසා දී තිබීම විශේෂත්වයකි. 

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී විශේෂ වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News