ඉම්රාන් ඛාන්ට වෙඩි...

නොවැ 03, 2022

    පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අද (03) පස්වරුවේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

    ඔහුගේ පාදයකට වෙඩි වැදී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉම්රාන් ඛාන්ගේ තත්වය බරපතල නොවන බවද වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. අද පැවති විරෝධතා පාගමනක් අතරතුරදී හිටපු අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ගොදුරු වුණා. පාගමන පැවැත්වුණේ, ඊශාන දිග පකිස්ථානයේ ගුජරාන්වාලා නගරයේ. ඉස්ලාමාබාද් අගනුවර දක්වා විරෝධතා පාගමන මෙහෙයවීමටයි, ඉම්රාන් ඛාන් ප්‍රමුඛ දේශපාලන ක්‍රියාකාරීන් සූදානම්ව සිටියේ. පාගමන ආරම්භ වූ අවස්ථාවේ හිටපු අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරනවා.

    හිටපු අගමැතිවරයා ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් ලෙසයි මෙය සලකනු ලබන්නේ. ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරකයන් පිළිබදව හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේද යන්න ගැන මේ දක්වා තොරතුරු ලැබී නැහැ. හිටපු අගමැතිවරයාගේ තත්වය පිළිබඳව පකිස්ථාන වැසියන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News