බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක අවශ්‍යතාවය අවධාරණය කෙරේ...

ඔක් 22, 2022

    බ්‍රිතාන්‍ය තුළ වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව, එරට කම්කරු පක්ෂයේ නායක, ශ්‍රීමත් කීර් ස්ටාර්ම අවධාරණය කරනවා. 

    ලිස් ට්‍රස් මහත්මිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමග, රට තුළ දැඩි දේශපාලන අස්ථාවර භාවයක් හට ගෙන ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.  මෙය එක්සත් රාජධානියේ ආර්ථිකයට බලපා ඇති බව, ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.  අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය  පවුම ඊයේ 1.11 කින් පහත වැටී තිබුණා.

    මේ අතර, ටොරි  පක්‍ෂය ලබන 28 වැනිදා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානම්  වන බව, වාර්තා වනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තනතුර සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු,  ප්‍රධාන අපේක්‍ෂකයින් තෝරා පත් කර ගැනීමේ දී දැනට සිටින ටොරි මන්ත්‍රිවරුන් 357 දෙනාගෙන් අවම වශයෙන් සිය දෙනෙකුගේ ඡන්දය ලබා ගත යුතුයි.  බහුතර ඡන්දයට අනුව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගනු ලබනවා. කෙසේ වුවද,  බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂයේ නායක, ශ්‍රීමත් කීර් ස්ටාර්ම පවසන්නේ, රාජ්‍ය පාලනයට නව ජන වරමක් අවශ්‍ය වන බැවින්,  පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරිය යුතු බවයි.

    Latest News