"නෝවා කකෝව්කා" වේල්ල පුපුරුවා හැරීමට රුසියානු හමුදාව සැලසුම් කරන බව, යුක්‍රේන ජනපති පවසයි...

ඔක් 22, 2022

    නීප්‍රෝ ගංඟාව හරස්‍ කොට ඉදිකර ඇති, යුක්‍රේනයේ අතිවිශාල "නෝවා කකෝව්කා" වේල්ල පුපුරුවා හැරීමට රුසියානු හමුදාව සැලසුම් ක්‍රියාවට නංවා ඇති බව, යුක්‍රේන ජනාධිපති ‍ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ,  "නෝවා කකෝව්කා" වේල්ල තුළ දැනටමත් පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කර ඇති බවයි.දකුණු යුක්‍රේනයේ ප්‍රදේශ රැසකින් ගලා එන ජලය, එම වේල්ල මගින් රඳවා තිබෙන බව, ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා. යම් හෙයකින් මෙය පුපුරුවා හැරියහොත්, මහා විනාශක් සිදුවිය හැකි බවට, ඔහු අනතුරු අඟවනවා.

    දින කිහිපයකට පෙර රුසියානු බලධාරීන් චෝදනා කළේ, යුක්‍රේනයේ විශේෂ හමුදාව මගින් රොකට් ප්‍රහාර එල්ල කර මෙම වේල්ල විනාශ කිරීමට සැලසුම් කර ඇති බවයි. සෝවියට් සමුහාණ්ඩුව  පැවති කාලයේ දී නීප්‍රෝ ගංඟාව හරස්කොට ඉදිකර ඇති ‍"නෝවා කකෝව්කා" වේල්ල විනාශ වුවහොත් යුක්‍රේනයේ කර්ෂෝන් ප්‍රදේශය විනාශකාරී ගංවතුර තත්වයකට මුහුණ දිය හැකි බවට ද, බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

    2014 දී රුසියානු හමුදාව විසින් ඈදා ගනු ලැබූ යුක්‍රේනයේ ප්‍රිමියානු අර්ධද්වීපය ඇතුළු දකුණු යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශවල ඇල මාර්ග  පද්ධතිය ද, විනාශ වනු ඇති බවටයි, ඔවුන් පෙන්වා දී ඇත්තේ.

    Latest News