චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය 16 වැනිදා...

ඔක් 14, 2022

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය එළඹෙන 16 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්වේ.  

    එම කොංග්‍රසය 16 වැනිදා උදේ 10.00 ට බෙයිජිං හි මහජන මහශාලාවේදී ආරම්භ වීමට නියමිතය. මීට සහභාගි වන සියලුම නියෝජිත පිරිස අද (14) රාජකාරි සඳහා වාර්තා කළහ.  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය, චීන මාධ්‍ය සමූහය සහ Xinhuanet මගින් සජීව ලෙස  විකාශය කෙරෙනු ඇත. චීනයේ සෑම තරාතිරමකම ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා රැසක මෙය විකාශය කිරීමට නියමිතයි. 

     

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට....

    Latest News