ඉන්දියාවේ බස් රථ අනතුරකින් 11 ක් මරුට...

ඔක් 08, 2022

    ඉන්දියාවේ අද (08) අළුයම සිදු වූ බස් රථ අනතුරකින් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    බස් රථය ට්‍රක් රථයක ගැටීමේන් මෙම අනතුර සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. ඉන්දියාවේ “නාෂික්” නගරයේදී මෙම අනතුර සිදු වුණා. අනතුරින් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, ඉන්දීය බලධාරින් පවසන්නේ. තුවාල ලැබුවන් ගෙන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසු වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මාර්ගය අසල නවතා තිබු ට්‍රක් රථයක මෙම බස් රථය ගැටී ඇති අතර, එහිදී බස් රථයේ ඩීසල් ටැංකිය පුපුරා යාමෙන් ගින්නක්ද හට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදු වන අවස්ථාවේ දී බස් රථයේ සිටි මගීන් බොහෝ දෙනෙකු නින්දේ පසු වූ බවද එම මාධ්‍ය සඳහන් කරනවා. අනතුර සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි, ඉන්දීය බලධාරින් සඳහන් කළේ.

    Latest News