ජපාන ආක්‍රමණයට එරෙහි ජයග්‍රහණ සැමරුම බෙයිජිං නුවරදී...

සැප් 04, 2022

    ජපන් ආක්‍රමණයට සහ ෆැසිස්ට්වාදී ලෝක යුද්ධයට එරෙහි චීන මහජන යුද ජයග්‍රහණයේ 77 වැනි සංවත්සරය සැමරේ.

    එම සැමරුම් සම්මන්ත්‍රණය ඊයේ (03) බෙයිජිං අගනුවර දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාල සාමාජික මෙන්ම මධ්‍යම කාරක සභාවේ එක්සත් පෙරමුණු වැඩ දෙපාර්තමේන්තු ප්‍රධානි You Quan මහතා මෙම අවස්ථාවට සහභාගි විය.

    ජපන් ආක්‍රමණවලට එරෙහි චීන ජනතා සටනේ දී අත්කර ගැනුණු විශිෂ්ට ජයග්‍රහණය මගින් චීනයේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස සුරැකුණු අතර, චීන ජාතියේ මහා පුනර්ජීවනය සඳහා දීප්තිමත් අපේක්ෂා දල්වනු ලැබීය.

    අදාළ දෙපාර්තමේන්තුවල ප්‍රමුඛ නිලධාරීහු, යුද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම තරුණ ශිෂ්‍ය නියෝජිතයෝ සම්මන්ත්‍රණයේ දී අදහස් පළ කළහ. චීන ජනතාව මුහුණ පෑ එම ඓතිහාසික මෙන්ම දුෂ්කර අරගලය සිහිපත් කළ ඔවුහු, සාමය අගයමින් වඩා යහපත් අනාගතයක් උදෙසා ඉදිරියට යාම පිළිබඳ තම අධිෂ්ඨානය මෙහිදී ප්‍රකාශ කළහ.

    විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් 200කට ආසන්න පිරිසක් ජයග්‍රහණය සැමරුමට එක්ව සිටියහ.

     

    ජාතික රූපවාහිනියේ අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට...

    Latest News