පකිස්තාන ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට...

සැප් 04, 2022

    පකිස්තානයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,200 ඉක්මවා ගොස් ‍ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මේ තත්වයත් සමග මරණ තවදුරටත් ඉහළ යා හැකි බවයි. පකිස්තානයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට මිලියන 33 කට අධික පිරිසක් දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, ගංවතුර තත්වයත් සමග පානීය ජලයට අපද්‍රව්‍ය මිශ්‍රවීම හේතුවෙන් විවිධ රෝග වැලැඳීමේ අවදානමක් ද හට ගෙන ඇති බවයි.

    ගංවතුරින් අවතැන් වූ පුද්ගලයින් සඳහා පානීය ජලය සොයා ගැනීමේ දැඩි දුෂ්කරතා හට ගෙන ඇති අතර, මේ තත්වයත් සමග බෝවන රෝග ව්‍යාප්තියේ අවදානමක් ද හට ගෙන තිබෙනවා. එරට රජය විසින් අවතැන් වූ පිරිස් සඳහා සහනාධාර ඇතුළු යටතල පහසුකම් සැපයීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර, එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. එරට කාලගුණ අංශ පවසන්නේ, මෑත ඉතිහාසයේ පකිස්තානයට බලපෑ දරුණුතම කාලගුණ තත්වය මෙය බවයි. මෙම වර්ෂාපතන තත්වය අසාමාන්‍ය තත්වයක් වන අතර, දේශගුණික විපර්යාස මේ තත්වයට මූලික හේතුව බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    Latest News