නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරය කිරීම චීනය තරයේ හෙළාදකී

අගෝ 03, 2022

    ඇමරිකානු කොංග්‍රසයේ කතානායක නැන්සි පෙලොසි තම රටේ දැඩි විරෝධතාව නොතකා, චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම චීනය තරයේ හෙළා දකී.

    චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටී. නැන්සි පෙලොසිගේ තායිවාන සංචාරයෙන් "එකම චීනය" ප්‍රතිපත්තිය සහ චීන- ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

    එසේම, චීන - ඇමරිකානු සමිබන්ධතාවේ දේශපාලන පදනමට දැඩි පහරක් එල්ල කරන මෙම සංචාරය චීනයේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව දැඩිව උල්ලංඝනය කළ බව ද එහි සඳහන් ය.

    තායිවාන සමුද්‍රසන්ධි දෙපස සාමය සහ ස්ථාවරත්වය කඩාකප්පල් කරන එම ක්‍රියාව මගින් තායිවාන බෙදුම්වාදි බලවේගයට වැරදි සංඥාවක් නිකුත් කර ඇති බව චීනය කියයි.

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අගෝස්තු 2022 10:45

    Latest News