පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන්, ඉම්රාන් ඛාන්ට ජය...

ජූලි 19, 2022

    පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ‍එර‍ට යෝජිත මහ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

    එම ඉල්ලීම සිදු කරනු ලැබුවේ, ඔහුගේ පක්ෂය අතුරු මැතිවරණයේදී ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුවයි. පකිස්තානයේ පංජාබ් ප්‍රාන්ත මැතිවරණයේදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නියෝජනය කරන පී ටී අයි පක්ෂය ආසන 20 න්ම 15 ක්ම ජයග්‍රහණය කර තිබෙනවා. ඔහුගේ ප්‍රතිවාදී පී එම් එල් එන් පක්ෂයට එහිදී බලාපොරොත්තු නොවූ පරාජයකට මුහුණදීමට සිදුවුණා. දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ලබන වසරේ ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත පකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පුරෝකථනයක් මෙමගින් තීරණය කළ හැකි බවයි.

    Latest News