හයිටි රාජ්‍යයකට අවි ආයුද සැපයීම සීමා කෙරේ...

ජූලි 17, 2022

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හයිටි රාජ්‍යයකට ඇතැම් අවි ආයුද සැපයීම සීමා කිරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා.

    මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙස ඔවුන් එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජික රටවලින්ද ඉල්ලා සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ හයිටි රාජ්‍යයේ විවිධ ත්‍රස්තවාදී කල්ලි සිදුකරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවයි. පසුගිය ජූලි 08 වනදා සිට ජූලි 12වනදා දක්වා කාල සීමාව තුළ 200කට අධික පිරිසක් මියගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. එම පිරිසෙන් බහුතරයක් ඍජුවම එම කල්ලි හා සම්බන්ධ නොවන අය වනවා. ආරක්ෂක මණ්ඩලය පවසන්නේ හයිටිය තුළ සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරුද තමන් වෙත නිරන්තරයෙන් වාර්තා වන බවයි.

    Latest News