ශ්‍රී ලංකාවේ නවතම තත්ත්වය කෙරෙහි අවධානයෙන් පසුවන බව චීනය කියයි

ජූලි 12, 2022

    ශ්‍රී ලංකාවේ නවතම තත්ත්වයේ පවතින වෙනස්කම් පිළිබඳව  දැඩි අවධානයක් යොමුකරන බව චීනය පවසයි.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් (Wang Wenbin) මහතා ඊයේ (11) පැවති  මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

    සමාජ ස්ථාවරත්වය මෙන්ම ආර්ථික සහ ජීවනෝපාය යහපත් කිරීම  සඳහා එක්ව සහයෝගයෙන් ක්‍රියා කර දුෂ්කරතා ජය ගනු ඇතැයි, ශ්‍රී ලංකාවේ මිත්‍ර අසල්වැසි රටක් වන චීනය බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

    ජනතාවගේ මූලික අයිතිවාසිකම් මත පදනම්ව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ද වං වෙන්බින් මහතා පෙන්වා දී ඇත.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News