නෞකාවක් පෙරළීමෙන් නයිජීරියා‍වේ 17ක් මරුට...

ජූලි 12, 2022

    නයිජීරියාවේ “ලාගෝස්” නගරය ආසන්න මුහුදු ප්‍රදේශයේදී නෞකාවක් පෙරළීමෙන් 17 දෙනෙකු මිය ගොස් ඇතැයි, එරට බලධාරීන් පවසනවා.

    වඩදිය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශයේ රාත්‍රී කාලයේ දී, බෝට්ටු සහ නෞකා යාත්‍රා කිරීම තහනම් කර ඇති පසුබිමක එය නොතකා මෙම නෞකාව මගීන් රැගෙන යාත්‍රා කර තිබෙනවා. වඩදිය බාධකයක් සමග යාත්‍රාව පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරු සිදු වන අවස්ථාවේ කපිතාන්වරයා සහ ළමුන් ඇතුළු මගීන් 16 දෙනෙකු එහි සිටි බව, බලධාරීන් පවසනවා.

    Latest News