‍‍යුරෝපයට ගෑස් සපයන නල පද්ධතිය රුසියාව වසා දමයි

ජූලි 12, 2022

    ‍‍යුරෝපය වෙත ගෑස් සපයන ප්‍රධානතම නළ පද්ධතියක් වන “නොර්ඩ් ස්ට්‍රීම් වන්” ගෑස් නළ පද්ධතිය තාවකාලිකව වසා දැමීමට රුසියාව තීරණය කර තිබෙනවා.

    එම සමාගම ඊයේ සඳහන් කර සිටියේ, දින 10ක  කාලයක් සඳහා මෙම  නළ පද්ධතිය වසා දමන බවයි.  මෙම නළ පද්ධතිය රුසියාවේ සිට ජර්මනිය දක්වා විහිදෙනවා.

    මෙය යුරෝපයට අවශ්‍ය ගෑස් සපයන ප්‍රධානතම නළ පද්ධතියක්. රුසියාවේ “ගෑස්ප්‍රොම්”  ආයතනය පවසන්නේ, වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම නළ පද්ධතිය වසා දැමූ බවයි.

    නමුත්, ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දේශපාලනික කරුණු මත මෙම තීරණය ගෙන ඇති බවයි. රුසියාව, පසුගිය මාසයේ ‍මෙම නළ පද්ධතියේ ධාරිතාව සියයට 60 කින් අඩු කරනු ලැබුවා.

    මේ වන විට එම නළ පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් යුරෝපයට  ගෑස් අර්බුදයක් නිර්මාණය වීමේ ඉඩකඩක් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. රුසියානු ගෑස් සැපයීම දිගටම නතරවීමේ හෝ ධාරිතා‍වේ අඩු වීමේ අවදානමක් ඇතැයි, ජර්මන් රජය පවසනවා.     

    Latest News