මන්දපෝෂණය සෝමාලියාවේ දරුවන් 200ක් බිළිගනී....

ජූලි 05, 2022

    සෝමාලියාවේ "ව්‍යසනකාරී ආහාර අනාරක්ෂිතතාව" හේතුවෙන් දරුවන් දහස් ගණන් මියගොස් තිබෙන බව, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසනවා.

    නියඟය නිසා ඇතිවූ මන්දපෝෂණය හේතුවෙන්, පසුගිය ජනවාරි මාසයේ සිට සෝමාලියාවේ අවම වශයෙන් ළමුන් 200ක් මියගොස් ඇති බව, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසනවා. මැයි මාසයේ මිලියන 6.1ක සිට මිලියන 7කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, ලක්ෂ 8කට වැඩි පිරිසක් අවතැන්වී ඇති බවයි, එම කාර්යාලය ප්‍රකාශ  කරන්නේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, රට තුළ උද්ගතව ඇති සාගතය අවසන් කිරීම සඳහා පසුගිය මැයි මස සිට දෙසැම්බර් දක්වා නව සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි. දැනට පවතින ආධාර සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලැබෙන අරමුදල් අවදානමට ලක්ව සිටින සියලු දෙනාගෙ ජීවිත පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ.

    Latest News