ළමා රෝහලේ ගින්නෙන් ඖෂධ රැසක් විනාශයි....

ජූනි 05, 2022

    පකිස්තානයේ ලාහෝර් නගරයේ ළමා රෝහලක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් මිලියන ගණනක් වටිනා ඖෂධ රැසක් විනාශ වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    රෝහලේ තුන්වැනි මහලේ පිහිටි ඖෂධ ගබඩාව තුළයි, මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්නෙන් මෙතෙක් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නැහැ. ගින්න පාලනය සඳහා ගිනිනිවන රථ 7ක් ද, ගිනි නිවන භටයින් 40කට අධික සංඛ්‍යාවක් ද යොදවා තිබෙනවා. මුදවා ගැනීමේ නිලධාරින් දහසකට අධික පිරිසක් තත්වය පාලනය සඳහා යොදවා ඇති බවයි, වාර්තා වන්නේ. ගින්නට හේතුව තවමත් හෙළි වී නැහැ. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

    Latest News