රුසියා-යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 85ක්...

මැයි 19, 2022

    යුක්‍රේනයේ මරියුපොල් වරාය නගරයේ පිහිටි වානේ කර්මාන්ත ශාලාවේ සිරවී සිටි යුක්‍රේන හමුදා භටයින් පිරිසක් රුසියානු පාලන ප්‍රදේශයේ බන්ධනාගාර ජනපදයක් වෙත ගෙන ගිය බව රුසියානු බලධාරින් පවසනවා.

    රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් ආරම්භ වී අද 85 වැනි දිනට එළඹ තිබෙනවා. යුක්‍රේනයේ මරියුපොල් වරාය නගරයේ ඇසෝව්ස්ටාල් වානේ කර්මාන්ත ශාලාවේ සිරවී සිටි යුක්‍රේන හමුදා භටයින් 900කට අධික පිරිසක් රුසියානු පාලන ප්‍රදේශයේ බන්ධනාගාර ජනපදයක් වෙත යැවීමට පියවර ගත් බවයි රුසියානු බලධාරීන් පවසන්නේ.
    ඉකුත් පැය 24 තුළ දී කර්මාන්ත ශාලාවේ සිරවී සිටි යුක්‍රේන භටයින් 800කට ආසන්න පිරිසක් සිය හමුදාවන්ට යටත් වූ බව රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.
    මේ අතර යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කරන්නේ දෙපාර්ශවය අතර හුවමාරු ක්‍රියා පටිපාටියකට යටත්ව රුසියානු බන්ධනාගාර ජනපදය වෙත ගෙන යන ලද සිය යුක්‍රේන හමුදා භටයින් යළි ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවයි.

    Latest News