188ක් රැගත් යානයට මොකද වුණේ?

ඔක් 29, 2018

    පුද්ගලයින් 188 දෙනෙකු රැගත් ලයන් එයාර් ගුවන්සේවා අයත් යානයක් අතුරුදන් වී තිබේ.

    ඒ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වීමෙන් අනතුරුවයි. බෝයින් 737 වර්ගයට අයත් ජේ ටී 610 දරණ යානය බන්කා බෙලිතුන්ග් දූපතේ පන්කල් පියාන්ග් දක්වා පියාසර කරමින් තිබුණි.

    ජකර්තා අගනුවරින් ගුවන් ගත වීමේන කෙටි වේලාවකින් අනතුරුවයි, යානය අතුරුදන්වී ඇත්තේ. අදාළ යානය, නවතම වර්ගයේ එකක් බවයි, වාර්තා වෙයි. මගීන් 181 දෙනෙකු හා කාර්යමණ්ඩලයේ 7 දෙනෙකු එහි සිට ඇති බවයි, වාර්තා වෙයි. යානය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 09:50

    Latest News