අන්ගෙලා මර්කල්ට දරුණු පරාජයක්

ඔක් 29, 2018

    ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල් පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තාවේ.

    ප්‍රාන්ත මැතිවරණයෙන් ඇයගේ නායකත්වයෙන් යුත් පාලක සන්ධානය දරුණු පරාජයක් ලැබීම ඊට හේතුවයි. අන්ගෙලා මර්කල්ගේ පාලක සන්ධානයේ ප්‍රධාන පක්‍ෂ දෙකම හෙසේ ප්‍රාන්ත මැතිවරණයෙන් දරුණු පරාජයක් ලබා තිබේ.

    චාන්සලර්වරියගේ මධ්‍ය දක්‍ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය හා මධ්‍ය වාමාංශික එස්.පී.ඩී. පක්‍ෂය හෙසේ ප්‍රාන්ත ඉකුත් මැතිවරණයට සාපේක්‍ෂව සියයට 10කට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති බවයි, ප්‍රතිඵල පෙන්වා දෙන්නේ.

    ප්‍රාදේශීය මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජය හමුවේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායකත්වය සහ ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල් යළි තරඟ නොකරනු ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

    එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ, 2021 පැවැත්වෙන මීළඟ මහ මැතිවණය තෙක් ඇය බලය හොබවනු ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 10:44

    Latest News