යේමනය හා සෞදි රාජ්‍යය මාස දෙකක සටන් විරාමයකට... BBC

යේමනය හා සෞදි රාජ්‍යය මාස දෙකක සටන් විරාමයකට...

අප්‍රේ 02, 2022

    යේමනය හා සෞදි රාජ්‍යය මාස දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට එකඟවී තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි, දෙරට මෙම එකඟතාවට එළඹ ඇත්තේ. යේමනය තුළ මේ වන විට වසර 7ක කාලයක් තිස්සේ යුධ ගැටුම් පවතිනවා. මේ හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළට ද දැඩි බලපෑම් එල්ල් වී ඇති අතර, තෙල් ප්‍රවාහනයටද, බාධා එල්ලවී තිබෙනවා.

    යේමනයේ ජනතාව මේ වන විට ආහාර හා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නොමැතිකමින් පීඩා විඳිනවා. මේ නිසා මානුෂීය මෙහෙයුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටලු විසඳීම සඳහා මැදිහත්වී සිටිනවා.

    Latest News