ගෝලීය කොරෝනා මරණ මිලියන 6 ඉක්මවයි

මාර් 07, 2022

    ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගොස් තිබේ. දෛනිකව, පන්දහසකට අධික පිරිසක් කොරෝනා හේතුවෙන් මියයන බවයි, අමෙරිකාවේ ජෝන් හොෆ්ස්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත්කළ වාර්තාවක් පෙන්වා දෙන්නේ.

    වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේද අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව නව ලක්ෂ 83,000 ඉක්මවා ගොස් තිබේ. බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව වැනි රටවලද වැඩි මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බවයි,වාර්තා වන්නේ. 

    ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 44 කෝටි හැටතුන් ලක්ෂ 35,000 ඉක්මවා තිබේ. එම ආසාදිතයන් සංඛ්‍යාවට දෛනිකව පහළොස් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් එකතු වන බව ද ජෝන් හොෆ්ස්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    ගෝලීයව 37 කෝටි 94 ලක්ෂ 14,000කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා සිටින බව ද එම විශ්වවිද්‍යාලයේ වාර්තාවල දැක්වෙන්නේ. 

    Last modified on සදුදා, 07 මාර්තු 2022 10:14

    Latest News