දකුණු චීන මුහුදේදී අනතුරට ලක්වූ ගුවන් යානය ගොඩ ගනී....

මාර් 04, 2022

    දකුණු චීන මුහුදේදී අනතුරට ලක්වූ එෆ් 35 වර්ගයේ ගුවන් යානය ගොඩ ගැනීමට හැකි වූ බව අමෙරිකාව පවසනවා.

    අනතුරක් හේතුවෙන් ගුවන් යානය පසුගිය ජනවාරියේදී මුහුදට කඩා වැටුණා. යූ එස් එස් කාල් විල්සන් නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාවට ගොඩ බෑමේදී මෙම ගුවන් යානය අනතුරට ලක්වුණා. මෙය, අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වටිනා එෆ් 35 සී වර්ගයට අයත් වූවක්. අමෙරිකාව සතු නවීනතම ගුවන් යානයක් ලෙසයි මෙය සැලකෙන්නේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,

    ගුවන් යානය ගොඩ ගැනීමට චීනය සහ අමෙරිකාව අතර, තරගයක් පැවති බවයි. ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගුවන් යානය අනතුරට ලක්වූ හෙයින් ගොඩගන්නා ලද රටට එහි හිමිකාරිත්වය හිමිවනවා. අඩි 12,400ක් පමණ ගැඹුරු මුහුදු පත්ලේ තිබූ මෙම යානය දුරස්ථ පාලක උපකරණ සහ කම්බි ආධාරයෙන් ගොඩගත් බවයි, අමෙරිකානු හමුදාව ප්‍රකාශ කළේ.

    Latest News