ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන්...

ජන 30, 2022

    ඉකුත් පැය 24ක කාලය තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වුණා.

    එම මරණ ගණන 1,127ක්. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රට තුළ පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් හත් කෝටි 54 ලක්‍ෂයකට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. මෙතෙක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව නව ලක්‍ෂයකට අධිකයි. රට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මුළු ජනගහනයෙන් 63.9%ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන්.

    Latest News