ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළට.... 

ජන 29, 2022

    ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව, සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට ලොව බොහෝ රටවල දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයින් සංඛ්‍යාවෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවයි. අමෙරිකාවෙන් වාර්තාවන කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඊයේත් පන් ලක්‍ෂය ඉක්මවා ගියා. එම සමස්ත සංඛ්‍යාව පන් ලක්‍ෂ 22,300ක් එරටින් ඊයේ කොරෝනා මරණ 2,700 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. අමෙරිකාවෙන් මේ දක්වා ආසාදිතයින් හත් කෝටි 52 ලක්‍ෂයකට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව නව ලක්‍ෂයකට අධිකයි.

    Latest News