හමුදාව දෙගුණයකින් වැඩි කිරීමට බ්‍රිතාන්‍යයේ සූදානමක්....

ජන 30, 2022

    යුක්‍රේන අර්බුදය හේතුවෙන් නැගෙනහිර යුරෝපා කලාපය තුළ රඳවා ඇති සිය හමුදාව දෙගුණයක් දක්වා වැඩි කිරීමට බ්‍රිතාන්‍ය සූදානම් වනවා.

    යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තර්ජනයක් එල්ල කිරීම අරමුණයි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් පවසන්නේ, හමුදා භට සංඛ්‍යාව ඉහළ නැංවීම මගින් රුසියාවට පැහැදිලි පණිවුඩයක් ලැබෙන බවයි. කෙසේ වුවද රුසියානු බලධාරීන් සමඟ සාකච්ජා පැවැත්වීමට ද බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂක හා විදේශ කටයුතු ලේකම්වරයා මේ වනවිට සූදානම් බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර යුරෝපයේ චාරිකාවක නිරතවීමට සූදානමින් සිටින බව ද වාර්තා වනවා.

    Latest News