සබ්මැරීනයක සිට එල්ලකල හැකි මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බලයි...

ඔක් 20, 2021

    සබ්මැරීනයක සිට එල්ලකල හැකි බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව ඇත්හදා බැලූ බව, උතුරු කොරියාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

    මෙය, මීට පෙර අත්හදා බැලූ මිසයිලවලට වඩා නවීන තාක්ෂණයකින් යුක්ත වන බවයි. උතුරු කොරියාව පවසන්නේ. නවතම මිසයිලය එල්ල කිරීමෙන් පසු හඳුනාගැනීම ද අපහසු බවයි, උතුරු කොරියාව පවසන්නේ. මෙය, කෙතරම් දුරකට ගමන් කළ හැකිද පිළිබඳවි නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

    නමුත්, අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර් 450 ක දුරකට, කිලෝමීටර් 60 ක ඉහළින් ගමන් කර තිබෙනවා. මිසයිලය සබ්මැරීනයක සිට එල්ල කළ හැකි නිසා ඕනෑම රාජ්‍යයකට තර්ජනයක් විය හැකියි. උතුරු කොරියාව පසුගිය සතිය පුරා යුධ අවි කිහිපයක්ම අත්හදා බැලුවා.

    ඊට දිගු දුර අවි සහ අධිවේගී අවි රැසක්ම අයත් බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් උතුරු කොරියාවට බැලැස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර තිබෙනවා. ඒ නිසා ඔවුන්ට දැඩි සම්බාධකවලට ද මුහුණදීමට සිදුවී ඇති අතර, එම සම්බාධක නොසලකමින් ඔවුන් දිගින් දිගටම යුද අවි අත්හදා බලමින් සිටිනවා.

    Latest News