රුසියාවේ සේවා ස්ථාන සතියකට වැසේ

ඔක් 20, 2021

    රුසියාවේ සේවා ස්ථාන සතියක් වසා තැබීමට එරට රජය සැලසුම් කරයි.

    එළැඹෙන නොවැම්බර් පළමු සතියේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එරට කොරෝනා මරණ ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම මෙහි අරමුන බව විදෙස් වාර්තාවල සඳහන්.

    ඊයේ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,015ක්. එය වෛරස ව්‍යාප්ති ආරම්භයේ සිට එරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවයි.

    වසංගත පාලනයට කඩිනමින් එන්නත්කරණයට යොමු වන ලෙස එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on බදාදා, 20 ඔක්තෝබර් 2021 15:58

    Latest News