කොළොම්බියා ආරක්‍ෂාව තර කරන්නැයි හමුදාවට නියෝග

පෙබ 17, 2019

    කොළොම්බියා දේශසීමාවේ ආරක්‍ෂාව තර කරන ලෙස වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ හමුදාවට නියෝග කර තිබේ.

    වෙනිසියුලානු විපක්‍ෂයට ආධාර රැගත් අමෙරිකානු ගුවන් යානයක් කොළොම්බියාවට ළඟාවීමෙන් අනතුරුවයි ඔහු මෙම නියෝගය කර ඇත්තේ. අමෙරිකානු ප්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා චෝදනා කර සිටී. දේශ සීමාවේ ආරක්‍ෂාවට හමුදා භටයන් වැඩි පිරිසක් අනුයුක්ත කිරීම රටේ සාමය හා ආරක්‍ෂාවට වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ආධාර රැගත් අමෙරිකානු ගුවන් යානයක් කොලොම්බියා දේශසීමාවේ කුකුටා ප්‍රදේශයට ඊයේ ළඟා විය. වෙනිසියුලානු විපක්‍ෂ නායකවරයාගේ ඉල්ලීමකට අනුව ආධාර රැගෙනවිත් තිබේ.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 16:13

    Latest News