ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළයාමක්....

සැප් 26, 2021

    ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ඉහළයාමක් පවතින බව, එරට සෞඛ්‍ය අංශ පවසයි.

    එරටින් ඊයේ ආසාදිතයින් 1,864ක් හඳුනා ගැණින. සිදුව ඇති මරණ සංඛ්‍යාව 12ක්. මේ අතර, ප්‍රංශය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 120ක් ලොව දිළිඳු රටවලට ලබාදීමට තීරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නායකයන්ගේ අවදානය යොමු වූ කරුණක් වන්නේ එන්නත් බෙදීයාමේ විෂමතාව නැති කිරීමටයි.

    ඔස්ට්‍රේලියාවේ රෝග ව්‍යාප්තිය ඉහළ යාමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය බව, සෞඛ්‍ය අංශ පවසයි. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ, නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙන්. එම ප්‍රාන්තයෙන් පමණක් නව ආසාදිතයින් 961 දෙනෙකු ඊයේ හඳුනා ගැණින. රෝගය පාලනයට එන්නත්කරණය වේගවත් කිරීමට ද පියවර ගෙන තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයෙන් ද නව ආසාදිතයන් 779 දෙනෙකු වාර්තා වී තිබේ.

    නිව්සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල වෛරස ව්‍යාප්ති පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News