අද එරටින් හඳුනා ගැනුණු නව ආසාදිතයින් සංඛ්‍යාව 1756ක්. නිවිසවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද යළි ඉහළ ගොස් තිබේ. ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් අද නව ආසාදිතයන් 1533ක් හඳුනා ගැණින. කොරෝනා මාරණ 4ක් ද සිදුව තිබේ.
නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් විල්කැනියා ප්‍රදේශය මේ වනවිට කොරෝනා වසංගතයේ දැඩි බලපෑමට ලක්ව ඇති බව ප්‍රාන්ත බලධාරීන් පවසයි. වික්ටෝරියා ප්‍රාන්තයෙන් ද ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 190ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා කොරෝනා ආසාදිතයන් යළි ඉහළයාම පාලනය කිරීම සඳහා අනාවාර්යයෙන් කොරෝනා මර්දන එන්නත් ලබාගන්නා ලෙසයි එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කළේ, කොරෝනා මර්දන වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන අඟුලු දැමීමේ සීමාවලින් බැහැරව ක්‍රියා කිරීමට පියවර ගන්නා බවයි.
එහිදී එරට දැනට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණය තවදුරටත් පුළුල් කිරීමට සහ කොරෝනා වසංගතය සමඟ ජීවත්වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම ද අරමුණු කරගන්නා බව ඔස්ට්‍රේලියානු රජය සඳහන් කරයි.