බ්‍රෙක්සිට් සම්මුතියෙන් ඉවත්වීම හා කොරෝනා වංසගතයේ බලපෑම මීට හේතුවී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා රටවල් විසින් පවත්වාගෙන යනු ලබන බ්‍රෙක්සිට් සම්මුතියෙන් ඉවත්වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළට ලැබෙන සැපයුම් අඩු වී ඇති බව වාර්තාවේ.
රියදුරන් හා වෙනත් සේවකයින් බ්‍රෙක්සිට් සම්මුතිය පවතින රටවල රැකියා සඳහා යොමුවීම ද මීට බලපා තිබේ. ප්‍රධාන වශයෙන් කුකුළු මස් ආශ්රිත නිෂ්පාදන හිඟයක් පවතින අතර අනෙකුත් ද්‍රව්‍යවල හිඟයක් ද ඇතිවෙමින් පවතින බව වාර්තාවේ.
රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සාමාන්‍ය සැපයුම් මාර්ග ද මන්දගාමී වී තිබේ.