දහස් ගණන් දැල්ලන් චිලී වෙරළට

පෙබ 13, 2019

    දහස් ගණනක් දැල්ලන් චිලී රාජ්‍යයේ බාහියා හි ඉන්ග්ලේසා වෙරළ තීරයට ගොඩගසා තිබේ.

    දැල්ලන් මිය යාම කෙරෙහි දැඩි සමුද්‍රීය දූෂණය හේතුවී ඇති බවයි, වාර්තා වන්නේ. ඉන්ග්ලේසා වෙරළ තීරය, චිලී රාජ්‍යයේ ප්‍රධාන සංචාරක පාරාදීසයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත්, මෙවැනි සිදුවීමක් මින් පෙර දැන නොමැති බව, ප්‍රදේශවාසීන් පවසයි.

    මෙම දැල්ලන් ආහාර සඳහා යොදා නොගන්නා ලෙසට බලධාරීන් ජනතාවට අනතුරු අඟවා තිබේ. ධීවර කර්මාන්තය අදාළ ප්‍රදේශයේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් ලෙස සැලකෙන අතර, මෙම දැල්ලන් මිය යාම ප්‍රදේශයේ එම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි, විශ්වාස කෙරේ.

     

    Latest News